Sri Lankan Birds
සිංහල භාෂාවෙන් තොරතුරු ගැනීමට හැකි වෙබ් අඩවි අන්තර්ජාලය තුළ ඇත්තේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩුවෙනි. එවැනි වකවානුවක ශ්‍රී ලංකාව තුල වෙසෙන කුරුල්ලන් පිළිබදව ඉගෙන ගැනීමට ඔබට අවස්ථාවක් ලැබුනොත් ඔබ වඩාත් කැමැති වන බව රහසක් නොවේ. ශ්‍රී ලංකාව තුල වෙසෙන කුරුල්ලන් පිළිබඳ ඔබට යම් අවබෝධයක් ලබා දීම මෙම වෙබ් ව්‍යාපෘතියේ මුලික අරමුණක් වන්නේය.
Thursday, January 17, 2013
හබන් කුකුළා
හබන් කුකුළා
පහත රට තෙත් කලාපීය වනාන්තර වල හා කඳූකරයේ මීටර් 1800 දක්වා ඉහළටත් වියළි කලාපීය වනාන්තර වලත් වාසය කරයි. අතිශය වනවාසී,තුළෑටි,භූමිවාසී පක්‍ෂියෙකි. විවිධ බීජ වර්ග, බිම වැටුණු පළතුරු, වේයන් සහ වෙනත් කෘමීන් ආහාරයට ගනී. ආහාර සොයමින් ප්‍රබල ලෙස වනයේ බිම පහුරුගායි. හබන් කුකුළා ප්‍රමාණයෙන් අඩක් වැඩුණු ගම් කුකුළෙකු තරම්ය. නොවැම්බර්-මාර්තු සහ ජුලි-සැප්තැම්බර් කාලවලදී අභිජනනය කරන හබන් කුකුළාගේ කැදැල්ල ගලක් හෝ පඳුරක් යට බිම සූරා සාදා ගනු ලබන මඳ අවපතනයකි. මෙය තුළ සාමාන්‍යයෙන් බිත්ත්ර දෙකක් දමනු ලැබේ. කිතුල්ගල සහ සිංහරාජ වනාන්තර මෙම පක්‍ෂියා දැකගැනීමට ඇති හොඳම ප්‍රදේශයන් ලෙස වාර්ථා වී ඇත.
ශ්‍රී ලංකා නිලන මැසිමාරා
ශ්‍රී ලංකා නිලන මැසිමාරා
සෙ.මි 14 ක ප්‍රමාණයකින් යුක්තය. ලොවෙන්ම මෙරටට පමනක් සීමාවු කුරුල්ලෙකි. අති දිලෙන තද නිල් නලල හදුනා ගැනිමට පහසුය. සමහර කුරුල්ලන්ගෙ ගත තද නිල් පැහැ වියහැක. ගීයක් වැනි ඉතා මිහිරි නාදයක් කරයි. සුවැදි සමය මාර්තු - අප්‍රියෙල් වෙයි. කුඩුව සදන්නෙ ගංඉවුරක හො ගසක කුහරයක හො හොදින් ඇහුරුනු තැනක ලා රතුවන් දුඹුරු තිත් සහිත ලා රොස පාට බිත්තර 2-3 දමයි. පහතරට හා කදුරට පැතිරෙ.
කළු කොණ්ඩයා
කළු කොණ්ඩයා
ප්‍රමාණයෙන් සෙ.මී 23 කි. අළුවන් කළු ගතකි. හිසේ කළුපාට සිලුවකි. පියපත් සහ වල්ගය දුඹුරුවන්ය. හොටය සහ කකුල් රතුය. යුවල සහ රැල ලෙස ද දැකගත හැකිය. සුවැදි සමය මාර්තු , මැයි සහ සැප්තැම්බර් වෙයි. දුඹුරුවන් රතු තිත් සහ දම්වන් සලකුණු සහිත් රොස බිත්තර 2 ක් දමයි. කදුරට පැතිරෙ.
අවිච්ච්යා.
අවිච්ච්යා.
නිහැරි කුරුල්ලන් අතර ජනයා හොදින් ම හදුනන කුරුල්ලෙකි. උඩුකය කොල, නිල් කළු සහ සුදු හිසකි. තද පාට හොටය, දිග කකුල් කෙටි වලිගය. පියාසරයෙ දි දිලෙන නිල් කොල පාට දිසිවේ පොදු වහරන නම ලැබී ඇත්තෙ නාද කරන " අ-ව්ච්ච්යා" යන හඩ අනුවය. හිරු උදා වේදි සහ බැසයාමෙදී නාදකිරිම සිරිතකි. බිම ගමන් කරන විට වල්ගය වරින් වර පිලිපෙයි . සැම කලාපයකම දක්නට ලැබේ.
කහ කුරුල්ලා. (black-hooded oriole)
කහ කුරුල්ලා. (black-hooded oriole)
ප්‍රමාණය සෙ.මී. 25 කි.කළු හිස සහ දිලෙන කහ පැහැති ගත මොහු හදුනා ගැනිමෙ ලකුණයි. උඩුලය සහ උගුර කළුය. පියාපත් වල සහ වල්ගයේ කළු පැහැයකි. දිලෙන රොසවන් හොට. කිරිල්ලියගෙ ගත කුරුල්ලාගෙ ගත මෙන් නොදිලෙයි. සුවැදි සමය , ඔක්තෝම්බර් සිට මැයි දක්වා වෙයි. දුඹුරුවන් හො දම්වන් කළු පල්ලම් සහිත් යොදයවන් සුදු පැහැයක් ඇති බිත්තර 2 ක් දමයි. සැම පැතිරෙ. ඇරුණු කුඩුවකි. අතුඅග කරුවක හො තිරස් අතුදෙකක් අතර පහතට එල්ලෙන කුඩුව තනනෙ තණරොඩු කෙදි ආදියෙනි.
ලංකා අරංගයා (Myophonus blighi)
ලංකා අරංගයා (Myophonus blighi)
අරංගය අපේ රටට අවේණික වගෙම ඉතාම දුර්ලභ කුරුල්ලෙක්. කළු පට පාදයත් හොටත් නිසා පිරිමි කුරුල්ලා පහසුවෙන් හදුනා ගත හැකි.ගැහැණු සතා දුඹුරු පාටයි.යටි මඩ ලාපාටයි. පිරිමි කුරුල්ලා සම්පුර්ණයෙන්ම කළු පාටයි කපුටෙක් වගේ. එහෙත් පියපතේ මුල් කෙලවරේ පුංචි දිප්තිමත් නිල්පාට ලපයක් තියෙනවා.නිතරම දොල පාරවල් අසබඩ ඉන්න කැමති.මොවුන් කුදුව තනන්නේ කාටවත් බලාගන්න බැරි තැනක.
පොම්පදෝරු බට ගොයා (pompadour green pigeon)
පොම්පදෝරු බට ගොයා (pompadour green pigeon)
ප්‍රමාණය සෙ.මී. 25 කි. පිරිමි සතාගේ පිටෙ මදටිය පැහැ හැරුනු විට තරමින් සහ ගතේ පැහැයෙන් ලයරන් බටගොයට සමනය. වල්ග පිහාටුවල උඩුපැත්ත කහවන් කොල පාටය. යටි වල්ග ඇවරි කහවන් සුදුය. කොතු කිපයක් එක්කර කුඩුව සාදයි. තනි සුදු බිත්තර 2 ක් දමයි
Subscribe to:
Posts (Atom)