වත රතු මල් කොහා [Sri Lanka Red Faced Mal Koha]
සත්ත්ව විද්‍යාත්මක නම -phaenicophaeus Pyrrhocephalus
ඉතා සුන්දර කුරුල්ලෙකි.මොවුන්ගේ ගැහැණු සතා සහ පිරිමි සතා බාහිරින්
බොහෝසෙයින් සමානය. මුහුණ දීප්තිමත් රතු පැහැතිය. ඇස වටා රතු කවාකාර ලපය වටා
සුදු ලපයක් දැකිය හැක්කේ ගැහැණු සතාගේය. පිරිමි සතාගේ මෙම කලාපය දුබුරු
පැහැතිය. හොට ලා පැහැයට හුරු ලා පාටය. දිග පියාපත් කෙලවර සුදු පාට දැකිය
හැක. වැඩුනු වත රතු මල් කොහා 45 cm පමණ වේ. මෙම පක්ෂියා කුඩා කණ්ඩායම්
වශයෙන් හෝ ජෝඩු වශයෙන් ජිවත් වීමට ප්‍රිය කරයි. වේගයෙන් පියාසර කල නොහැකි
පක්ෂියෙක් වන අතර පියාබන විට සිහින් ශබ්දයක් ඇති වේ.ජනවාරි ,මැයි සහ
අගෝස්තු ,සැප්තැම්බර් කල වලදී බිත්තර දමයි. වරකට බිත්තර දෙකක් හෝ තුනක්
දැමීම සිදු කරයි.
No comments:
Post a Comment