Thursday, January 17, 2013

හබන් කුකුළා


හබන් කුකුළා
පහත රට තෙත් කලාපීය ‍වනාන්තර වල හා කඳූකරයේ මීටර් 1800 දක්වා ඉහළටත් වියළි කලාපීය වනාන්තර වලත් වාසය කරයි. අතිශය වනවාසී,තුළෑටි,භූමිවාසී පක්‍ෂියෙකි. විවිධ බීජ වර්ග, බිම වැටුණු පළතුරු, වේයන් සහ වෙනත් කෘමීන් ආහාරයට ගනී. ආහාර සොයමින් ප්‍රබල ලෙස වනයේ බිම පහුරුගායි. හබන් කුකුළා ප්‍රමාණයෙන් අඩක් වැඩුණු ගම් කුකුළෙකු තරම්ය. නොවැම්බර්-මාර්තු සහ ජුලි-සැප්තැම්බර් කාලවලදී අභිජනනය කරන හබන් කුකුළාගේ කැදැල්ල ගලක් හෝ පඳුරක් යට බිම සූරා සාදා ගනු ලබන මඳ අවපතනයකි. මෙය තුළ සාමාන්‍යයෙන් බිත්ත්ර දෙකක් දමනු ලැබේ. කිතුල්ගල සහ සිංහරාජ වනාන්තර මෙ‍ම පක්‍ෂියා දැකගැනීමට ඇති හොඳම ප්‍රදේශයන් ලෙස වාර්ථා වී ඇත.

ශ්‍රී ලංකා නිලන මැසිමාරා


ශ්‍රී ලංකා නිලන මැසිමාරා
සෙ.මි 14 ක ප්‍රමාණයකින් යුක්තය. ලොවෙන්ම මෙරටට පමනක් සීමාවු කුරුල්ලෙකි. අති දිලෙන තද නිල් නලල හදුනා ගැනිමට පහසුය. සමහර කුරුල්ලන්ගෙ ගත තද නිල් පැහැ වියහැක. ගීයක් වැනි ඉතා මිහිරි නාදයක් කරයි. සුවැදි සමය මාර්තු - අප්‍රියෙල් වෙයි. කුඩුව සදන්නෙ ගංඉවුරක හො ගසක කුහරයක හො හොදින් ඇහුරුනු තැනක ලා රතුවන් දුඹුරු තිත් සහිත ලා රොස පාට බිත්තර 2-3 දමයි. පහතරට හා කදුරට පැතිරෙ.

කළු කොණ්ඩයා


කළු කොණ්ඩයා
ප්‍රමාණයෙන් සෙ.මී 23 කි. අළුවන් කළු ගතකි. හිසේ කළුපාට සිලුවකි. පියපත් සහ වල්ගය දුඹුරුවන්ය. හොටය සහ කකුල් රතුය. යුවල සහ රැල ලෙස ද දැකගත හැකිය. සුවැදි සමය මාර්තු , මැයි සහ සැප්තැම්බර් වෙයි. දුඹුරුවන් රතු තිත් සහ දම්වන් සලකුණු සහිත් රොස බිත්තර 2 ක් දමයි. කදුරට පැතිරෙ.

අවිච්ච්යා.


අවිච්ච්යා.
නිහැරි කුරුල්ලන් අතර ජනයා හොදින් ම හදුනන කුරුල්ලෙකි. උඩුකය කොල, නිල් කළු සහ සුදු හිසකි. තද පාට හොටය, දිග කකුල් කෙටි වලිගය. පියාසරයෙ දි දිලෙන නිල් කොල පාට දිසිවේ පොදු වහරන නම ලැබී ඇත්තෙ නාද කරන " අ-ව්ච්ච්යා" යන හඩ අනුවය. හිරු උදා වේදි සහ බැසයාමෙදී නාදකිරිම සිරිතකි. බිම ගමන් කරන විට වල්ගය වරින් වර පිලිපෙයි . සැම කලාපයකම දක්නට ලැබේ.

කහ කුරුල්ලා. (black-hooded oriole)


කහ කුරුල්ලා. (black-hooded oriole)
ප්‍රමාණය සෙ.මී. 25 කි.කළු හිස සහ දිලෙන කහ පැහැති ගත මොහු හදුනා ගැනිමෙ ලකුණයි. උඩුලය සහ උගුර කළුය. පියාපත් වල සහ වල්ගයේ කළු පැහැයකි. දිලෙන රොසවන් හොට. කිරිල්ලියගෙ ගත කුරුල්ලාගෙ ගත මෙන් නොදිලෙයි. සුවැදි සමය , ඔක්තෝම්බර් සිට මැයි දක්වා වෙයි. දුඹුරුවන් හො දම්වන් කළු පල්ලම් සහිත් යොදයවන් සුදු පැහැයක් ඇති බිත්තර 2 ක් දමයි. සැම පැතිරෙ. ඇරුණු කුඩුවකි. අතුඅග කරුවක හො තිරස් අතුදෙකක් අතර පහතට එල්ලෙන කුඩුව තනනෙ තණරොඩු කෙදි ආදියෙනි.

ලංකා අරංගයා (Myophonus blighi)


ලංකා අරංගයා (Myophonus blighi)
අරංගය අපේ රටට අවේණික වගෙම ඉතාම දුර්ලභ කුරුල්ලෙක්. කළු පට පාදයත් හොටත් නිසා පිරිමි කුරුල්ලා පහසුවෙන් හදුනා ගත හැකි.ගැහැණු සතා දුඹුරු පාටයි.යටි මඩ ලාපාටයි. පිරිමි කුරුල්ලා සම්පුර්ණයෙන්ම කළු පාටයි කපුටෙක් වගේ. එහෙත් පියපතේ මුල් කෙලවරේ පුංචි දිප්තිමත් නිල්පාට ලපයක් තියෙනවා.නිතරම දොල පාරවල් අසබඩ ඉන්න කැමති.මොවුන් කුදුව තනන්නේ කාටවත් බලාගන්න බැරි තැනක.

පොම්පදෝරු බට ගොයා (pompadour green pigeon)


පොම්පදෝරු බට ගොයා (pompadour green pigeon)
ප්‍රමාණය සෙ.මී. 25 කි. පිරිමි සතාගේ පිටෙ මදටිය පැහැ හැරුනු විට තරමින් සහ ගතේ පැහැයෙන් ලයරන් බටගොයට සමනය. වල්ග පිහාටුවල උඩුපැත්ත කහවන් කොල පාටය. යටි වල්ග ඇවරි කහවන් සුදුය. කොතු කිපයක් එක්කර කුඩුව සාදයි. තනි සුදු බිත්තර 2 ක් දමයි

ටිකල් නිල් මැසිමාරා. (Tikellis blueflycatcher)


ටිකල් නිල් මැසිමාරා. (Tikellis blueflycatcher)
-----------------------------------------------------------
ප්‍රමාණය සෙ.මී. 14 කි. උඩුකය ඉතා තදවන් නිල්ය. ලය පෙදෙස තැඹිලි පාටය. ඇසද තද කළුය. කිරිල්ලියගෙ ගත ලාපාටය. හොට සුදට හුරුය. "චික්.... චික්" යනුවෙන් නාද කර වල්ගය වනයි. කෙදි රොඩු පාසි යනාදිය එක්කර ගසක මුල් කොටයක හො ඉවුරක හො කුහරයක් තුල කුඩුව තනයි. ඔලිව් දුඹුරු පැහැ බිත්තර 2-3 දමයි. සැම කලාපයකම සිටි.

ලංකා කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie)


ලංකා කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie)
ප්රාමණයෙන් සෙ.මි. 43 පමණ වන මෙම කුරුල්ලා ලෝකයෙන් මෙරටට පමණක් සීමා වූ කුරුල්ලෙකි. දිලෙන තැඹිලි - රතු පැහැති හොට, පියකරු නිල් ගතද, රතු - දුඹුරු පැහැති හිස සහ දිගු වලිගය කැහිබෙල්ලාට අලංකාරය ගෙන දෙයි. මෙම කුරුල්ලා මිනිසුන්ට එතරම් බියක් නොදක්වන අතර කුතුහලයකින් යුතුව ඔවුන් ලඟට පැමිණේ. දියපාරක් අසල හෝ කැළෑවේ එළිමහන් තැනක මීටර 5 - 7 පමණ උසැති කුඩා ගසක කරුවක කූඩුව තනන්නේ කෝටු වලිනි. තරමින් මි.මී 3 -5 අතර ප්ර මණයෙන් යුත් දුඹුරු පැහ පුල්ලි සහිත සුදුවන් බිත්තර 3 - 5 ක් දමයි.පහත රට තෙත් කලපයේ සහ කඳුරටේ පැතිරේ.

රී ලංකා ජාතික පක්ෂියා - වලි කුකුලා.(Sri Lanka Junglefowl).


ශ්‍රී ලංකා ජාතික පක්ෂියා - වලි කුකුලා.(Sri Lanka Junglefowl).
පිරිමි කුරුල්ලා සෙ.මී. 35 ප්‍රමාණයකින් යුක්තය. ලොවෙන් මෙරටට පමණක් සීමාවූ කුරුල්ලෙකි.ගතේ පැහැය නිසා පිරිමි සතුන් ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය.ගැහැණු සතා දුඹුරු පාටය.පිල්කලඹ තිත් සහිතය.රාත්‍රියේ ගස් මත වාසය කරයි.පොළවේ කොළ රොඩු එක්කර ගසක් පාමුල හෝ පඳුරක් යට කූඩුව සාදයි.ශ්‍රී ලංකාව තුල සියලුම කලාපවල පැතිරී ඇත. කඩිසර ලෙස හැසිරෙන මෙම පක්ෂියා එඩිතරය සටන්කාමීය.එම ගති ලක්ෂණ සිංහල ජාතියේ විරත්වය නිරූපනය කරයි.

මයිනා


මයිනා
ප්‍රමානයෙන් සෙ.මී. 23 කි. කවුරුත් දන්නා හදුනන කුරුල්ලෙකි. තද කළුවන් දුඹුරුපිල් කලඹය හොට, කකුල් , සහ ඇස් වටා කහ පාටය. හිස පෙදෙස කළුපාටට හුරුය. පියාසර කරන විට සුදුපාට පැල්ලමක් දක්නට ලැබේ. යුවල ලෙසින් හෝ කුඩා කණ්ඩායම් ලෙසින් ඇවිදිමින් ආහාර සොයා යාම සිරිත් වේ. සුරතල් සතෙකු ලෙස ඇතිකල හැකිය. සමහර කුරුල්ලන් මිනිස් වදන් සහ ගීත හොදින් අනුයති. සුවදිසමය මර්තු සිට සැප්තැම්බර් දක්වා විහිදේ. වැසුනු කුඩුවකි.ගසක බෙනයක් තුල කුඩුව සාදයි ගසක කුරුල්ලෙකු කොට්ටෝරු වෙකු තැනු කුහරයක් මේ සඳහා යොදාගනි. කෙදි වලින් බෙනය තුල කුඩුවක් තනා ගනි. තරමින් මි.මි.29-21 වු ලා නිල්පාට බිත්තර 3=4 දමයි .ඉතා සුලබයි. සැම කලාපයකම පැතිරේ.

ලංකා අළු ගිරවා [Layards parakeet]


ලංකා අළු ගිරවා [Layards parakeet]
සත්ත්ව විද්‍යාත්මක නම - Psittacula calthropae


මාල ගිරවා සහ රෝස ගිරවා ගේ ශරීරයන්ට සමාන ශරීරයක් හිමිය .ගැහැණු සතා පිරිමි සතාට වඩා තද පාටය.ගෙල වටා කළු පැහැති පටියක් දක්නට ලැබේ .ගිරවියගේ හොට කළු පැහැතිය. පිරිමි සතාගේ හොට රතු පැහැතිය.පක්ෂියෙකු 30 cm පමණ දිගින් යුතුය .ප්‍රධාන වශයෙන් පලතුරු සහ මල් පැණි ආහාරය ලෙස ගනී .
නිරන්තරව නාද කරමින් හැසිරේ.ජෝඩු වශයෙන් හෝ කුඩා සමුහ වශයෙන් ජිවත් වීමට කැමතිය. වේගයෙන් පියාසර කරන පක්ෂියෙකි. ජනවාරි සිට මැයි, ජුලි සිට සැප්තැම්බර් අතර කුඩු තනයි. අදුරු සුදු පැහැ බිත්තර 2-3 වරකට දමයි.
----------------------------------------------------------------------------------------------
තර්ජනයට ලක් වූවෙක් ලෙස රතු දත්ත පොතෙහි සදහන් වේ .
----------------------------------------------------------------------------------------------

වත රතු මල් කොහා [Sri Lanka Red Faced Mal Koha]

වත රතු මල් කොහා [Sri Lanka Red Faced Mal Koha]
සත්ත්ව විද්‍යාත්මක නම -phaenicophaeus Pyrrhocephalus


ඉතා සුන්දර කුරුල්ලෙකි.මොවුන්ගේ ගැහැණු සතා සහ පිරිමි සතා බාහිරින් බොහෝසෙයින් සමානය. මුහුණ දීප්තිමත් රතු පැහැතිය. ඇස වටා රතු කවාකාර ලපය වටා සුදු ලපයක් දැකිය හැක්කේ ගැහැණු සතාගේය. පිරිමි සතාගේ මෙම කලාපය දුබුරු පැහැතිය. හොට ලා පැහැයට හුරු ලා පාටය. දිග පියාපත් කෙලවර සුදු පාට දැකිය හැක. වැඩුනු වත රතු මල් කොහා 45 cm පමණ වේ. මෙම පක්ෂියා කුඩා කණ්ඩායම් වශයෙන් හෝ ජෝඩු වශයෙන් ජිවත් වීමට ප්‍රිය කරයි. වේගයෙන් පියාසර කල නොහැකි පක්ෂියෙක් වන අතර පියාබන විට සිහින් ශබ්දයක් ඇති වේ.ජනවාරි ,මැයි සහ අගෝස්තු ,සැප්තැම්බර් කල වලදී බිත්තර දමයි. වරකට බිත්තර දෙකක් හෝ තුනක් දැමීම සිදු කරයි.